සිරි දළදා වන්දනා සැදැහැවතුන්ට විශේෂ ප්‍රවාහන සේවා

0
10


සිරි දළදා වන්දනාවට සහභාගී වන සැදැහැවතුන් වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවා ආරම්භ කර තිබෙනවා.

දිනපතා විශේෂ දුම්රිය 8ක් මහනුවර දක්වා ධාවනය කරන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ.

එය ලබන 28 වනදා දක්වා ක්‍රියාත්මක වනවා.

අළුයම 2.20ට විශේෂ දුම්රියක් ධාවනය කරන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

සෑම දිනකම පෙරවරු 5ට සීඝ්‍රගාමී දුම්රියක් කොළඹ කොටුවේ සිට මහනුවර බලා පිටත් වන අතර යළිත් පෙරවරු 9ට දුම්රියක් ධාවනය කිරීමට කටයුතු යොදා ඇති බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.

දිනපතා පෙරවරුවේ මහනුවර බලා යන සීඝ්‍රගාමි දුම්රියට විශේෂ මැදිරියක් යොදවා විදෙස් තානාපතිවරුන්ට ගමන් කිරීමට පහසුකම් සලසා තිබෙනවා.

මේ අතර කොළඹ මධ්‍යම බස් නැවතුම්පළේ සිට මහනුවර දක්වා ලංගම බස් රථ ධාවනය කිරිමටයි කටයුතු යොදා තිබෙන්නේ.

මෙවැනි අවස්ථාවක් සලසා දීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට හා රජයට ස්තුතිය පළ කරන බව ජනතාව සඳහන් කරනවා.

සිරි දළදා වන්දනාව වෙනුවෙන් මහනුවරට ජනතාව එක්රොක් වෙමින් සිටිනවා.

මෙසේ පැමිණෙන ජනතාව වෙනුවෙන් විශේෂ රථ වාහන සැලැස්මක් ඊයේ සිට ක්‍රියාත්මකයි.

මහනුවර නගරය වෙත රථ වාහන ඇතුලු වීම ඊයේ සිටම සීමා කර තිබෙනවා.

ඒ නගරයේ තදබදය අවම කරමින් ජනතාවට උපරිම පහසුකම් සැලසීම සඳහායි.

සිරි දළදා වන්දනාව සඳහා පැමිණෙන සැදැහැවතුන් වෙනුවෙන් රථ වාහන ගාල් කිරිමට විශේෂ ස්ථාන පිහිටුවා තිබෙනවා.

එම ස්ථානවල සිට දළදා මාළිගය දක්වා බස් රථ සේවා මගින් ප්‍රවාහන පහසුකම් සැලසීමටයි කටයුතු කර තිබෙන්නේ.

සිරි දළදා වන්දනාවෙන් අනතුරුව සැදැහැවතුන්ට යළි රථ ගාල් වෙත පැමිණීම සඳහා ද පොදු ප්‍රවාහන සේවාවක් ක්‍රියාත්මක කර ඇති බව මහනුවර දිස්ත්‍රික් කොට්ඨාස රථ වාහන අංශය භාර පොලිස් අධිකාරී දයාල් ඉලංගකෝන් මහතා පවසනවා.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here