අමෙරිකාවේ සිදු වූ වෙඩි තැබීමකින් දරුවන් අටදෙනෙකු ජීවිතක්ෂයට

0
4

අමෙරිකාවේ ලුසියානා ප්‍රාන්තයේ සිදු වූ වෙඩි ප්‍රහාරයකින් කුඩා දරුවන් අටදෙනෙකු ඝාතනය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පවුල් ආරවුලක් දුරදිග යාමෙන් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව වාර්තා වේ.

මෙම ප්‍රහාරයෙන් පුද්ගලයින් 10 දෙනෙකුට වෙඩි වැදී ඇති අතර, මියගිය දරුවන් අවුරුදු 1 සිට 14 දක්වා වයස් කාණ්ඩවල පසුවන්නන් බව සඳහන් වේ. 

වෙඩි තැබීම සිදුකළ සැකකරු වාහනයකින් පලා යාමට උත්සාහ කිරීමේදී පොලිස් වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්ව ඇත.

වෙඩි වැදුණු දරුවන් කිහිප දෙනෙකු සැකකරුගේ ඥාතීන් බව එරට ආරක්සක අංශ පවසයි.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here