සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ ‘ගේය කාව්‍ය කර්තෘවරු’ කෘති ද්විත්වය පිළිගන්වයි

0
7

මෙරට විසූ ප්‍රතිභාන්විත ගේය කාව්‍ය රචකයන් fදාළොස්දෙනකුගේ නිර්මාණ හා ඔවුන්ගේ සංක්ෂිප්ත ජීවන තොරතුරු ඇතුළත්කොට රචනා කරන ලද සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ ‘ගේය කාව්‍ය කර්තෘවරු’ කෘති ද්විත්වය එළිදැක්වීම පෙරේදා (16වැනිදා) කොළඹ මහජන පුස්කතාල ශාලාවේදී පැවැත්විණි.

ගේය කාව්‍ය කර්තෘවරුන්ගේ සංගීත සන්ධ්‍යාව ලෙසින් පැවැත්වුණු මෙම සන්ධ්‍යාවේදී ගේය කාව්‍ය කර්තෘවරු ග්‍රන්ථ දෙක සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්නයන් විසින් මහාචාර්ය ප්‍රණීත් අබේසුන්දර, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සමන් අතාවුදහෙට්ටි යන මහත්වරුන්ට ප්‍රදානය කළ අයුරු. මෙම ගේය කාව්‍ය කර්තෘවරුන්ගේ සංගීත සන්ධ්‍යාවේ සංගීත අධ්‍යක්ෂණය ආචාර්ය රෝහණ වීරසිංහ විසින් සිදුකළ අතර නිදර්ශන ගායනා ගායන ක්‍ෂේත්‍රයේ ප්‍රවීණයන් කිහිපදෙනකු විසින් සිදුකරන ලදී. මෙහි ප්‍රකාශකයා වනුයේ ඉමාෂි ප්‍රකාශන අධිපති විමල් දිසානායකයන්ය.

ඡායාරූප බුද්ධික ඩී. රණසිංහ

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here