පිටිගල පොලිස් වසමේ අමුගොඩ ප්‍රදේශයේදී පැවැතිවීමට නියමිතව තිබූ අවුරුදු උත්සවයක ලිස්සන ගහ සූදානම් කර සිටියදී දරුවෙකු ලිස්සන ගසේ ඉහළට නැගීමේදී ඉන් ඇද වැටී ජීවිතක්ෂයට පත්ව ඇති බව ඇල්පිටිය පොලිසිය පවසනවා.
මෙලෙස මියගොස් ඇත්තේ 16 හැවිරිදි දෙනියවත්ත , අමුගොඩ ප්‍රදේශයේ පදිංචි දරුවෙක්.
මෘත ශරීරය ඇල්පිටිය රෝහලේ තැන්පත් කර ඇති අතර අද (17) පශ්චාත් මරණ පරීක්ෂණය පැවැතිවීමට නියමිතයි.
මේ සම්බන්ධයෙන් ඇල්පිටිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
Saru FM Media