නීති විරෝධි ක්‍රම භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ පුද්ගලයන් 41දෙනෙකව, ඩිංගි යාත්‍රා 11ක් සහ ට්‍රැක්ටර් රථ 2ක් සමඟ ශ්‍රී ලංකා නාවික හමුදාව, වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව සහ ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව එක්ව සිදුකළ මෙහෙයුම් මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම පුද්ගලයින් අත්අඩංගුවට ගෙන ඇත්තේ, ත්‍රිකුණාමලය චෙම්මලෙයි, චෙඩ්ඩිපලයාම්, එලිසබෙත් දූපත, ෆවුල් පොයින්ට්, ක්ලැපන්බර්ග් පොයින්ට්, උප්පුරාල්, නන්දිකඩාල් කලපුව, අලම්පිල්, අලියා දූපත, පුඩුවකට්ටු, පුත්තලම උච්චමුනෙයි සහ යාපනය කොමාර් පොයින්ට් වෙරළ හා මුහුදු ප්‍රදේශ ආවරණය වන පරිදි මෙමස පළමුවනදා සිට 15 වෙනිදා දක්වා සිදුකළ මෙහෙයුම් වලදීය.
අත්අඩංගුවට ගත් සැකකරුවන්, මුහුදු කුඩැල්ලන්, වාණිජ පුපුරණ ද්‍රව්‍ය, තහනම් ධීවර ආම්පන්න, ට්‍රැක්ටර් රථ සහ ධීවර යාත්‍රා ඉදිරි නීතිමය කටයුතු සඳහා මුලතිව්, කින්නියා, කොඩ්බේ, ඊච්චලම්පත්තු, කලවංචිකුඩි, කිලිනෝච්චිය, පුත්තලම යන ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තු කාර්යාලයන් වෙත සහ පුල්මුඩේ විශේෂ කාර්ය බලකාය වෙත භාරදී ඇත.
Saru News













