සමාජ ප්‍රාග්ධනපති ඇමති ලාල් හිරු නාලිකාවෙන් රුපියල් කෝටි 1000ක් වන්දි ඉල්ලා එන්තරවාසි යවයි

0
3

තමන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශයේ සඳහන් රුපියල් 143,000 ක සමාගම් කොටස්වල වටිනාකම සාවද්‍ය ලෙස හුවාදක්වමින් රුපියල් 383,906,705.40 ක සුරැකුම්පත් මිලදී ගෙන ඇති බවට හිරු රූපවාහිනී නාලිකාව ඔස්සේ ප්‍රවෘත්තියක් විකාශය කිරීම තුළින් තම කීර්ති නාමයට සිදුකළ හානිය වෙනුවෙන් රුපියල් බිලියන 10ක වන්දියක් දින 07ක් තුළ ගෙවන ලෙස දන්වමින් කෘෂිකර්ම, ඉඩම්, වාරිමාර්ග හා පශූ සම්පත් අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත මහතා විසින් හිරු නාලිකාව අයත් ඒබීසී බ්‍රෝඩ්කාස්ටින් කෝපරේෂන් සමාගම වෙත එන්තරවාසියක් යොමුකර තිබේ.

එමෙන්ම හිරු රූපවාහිනී නාලිකාවේ විකාශන බලපත්‍රය අවලංගු කළයුතු බවට අදාළ බලධාරී ආයතනවලට කරුණු දැක්වීමට ඇති අයිතියට අගති රහිතව මෙම එන්තරවාසිය යොමුකරන අතර මෙම එන්තරවාසියෙන් කරන ඉල්ලීම අනුව කටයුතු නොකළහොත් නෛතික පොළිය සහ නඩු ගාස්තු ද සහිතව අදාළ වන්දිය අයකර ගැනීම සඳහා නඩු පවරන බවත් එමගින් දැනුම් දී ඇත.

නීතීඥ බුද්ධික විජේසූරිය මහතා මාර්ගයෙන් යොමුකර ඇති එම එන්තරවාසිය පහතින් දැක්වේ.

The post සමාජ ප්‍රාග්ධනපති ඇමති ලාල් හිරු නාලිකාවෙන් රුපියල් කෝටි 1000ක් වන්දි ඉල්ලා එන්තරවාසි යවයි appeared first on LNW Sinhala.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here