හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ලේකම්වරයා ලෙස කටයුතු කළ සමන් ඒකනායක මහතා අත්අඩංගුවට ගැනීමට පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකය.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිල සංචාරයක් අතරතුර සිය බිරිඳ වන මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියගේ උපාධි ප්‍රදානෝත්සවයකට සහභාගි වීම සඳහා ලන්ඩනයට ගිය ගමන සම්බන්ධයෙන් කරන විමර්ෂණයකට අදාළව එවකට ජනාධිපති ලේකම්වරයාව සිටි සමන් ඒකනායක මහතා අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නීතිපතිවරයාගෙන් උපදෙස් ලැබී තිබෙන බව සඳහන්ය.
ඒ අනුව පොලිස් කණ්ඩායමක් සමන් ඒකනායක මහතා අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය කටයුතු ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේය.
ඒ මහතා අත්අඩංගුවට ගැනීමට ඔහු පදිංචි නිවසට ඊයේ (27) දිනයේ දී පොලිස් කණ්ඩායම් ගොස් තිබේ. එහෙත් ඔහු නිවසේ සිට නැත.
එසේම සමන් ඒකනායක මහතා ගැවසෙන ස්ථාන කිහිපයකට ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ගොස් ඇති අතර මේ දක්වා ඒ මහතා පිළිබඳ තොරතුරක් ලැබී නැති බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේය.
කෙසේ වෙතත් ඉතා ඉක්මනින් ඒ මහතා අධිකරණයට භාරවීමට හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටිනු ඇතැයි අපේක්ෂා කරන බවයි පොලිසිය සඳහන් කළේය.
මේ අතර හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි නඩුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අද (28) යළි කැදවීමට නියමිතය.
රුපියල් ලක්ෂ 160ක මහජන මුදල් භාවිත කර පෞද්ගලික විදේශ සංචාරයක නිතර වු බවට ඔහුට චෝදනා එල්ලවී ඇත.
සබැඳි පුවත්
Saru News










