අලුත් අවුරුදු හේතුවෙන් ගම්බිම් බලා ගිය ජනතාවට නැවත කොළඹ බලා පිටත්වීමට අවශ්‍ය බස් රථ සේවාව අද සිට ආරම්භ කර ඇතැයි ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.
මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ කළමනාකරණ සහකාර නිමල් වෙත්තසිංහ මහතා පැවසුවේ අද දිනයේ සිට එළැඹෙන සඳුදා උදෑස දක්වා සහ ඉදිරි කාලය සඳහා මෙම විශේෂ බස් රථ සේවාව ක්‍රියාත්මක කරන බවය.
ගම්බිම් බලා ගිය ජනතාව ප්‍රධාන නගර වෙත පැමිණෙතැයි අපේක්ෂා කරන බැවින් මගීන් ප්‍රමාණය අනුව කාලසටහන් සංශෝධනය කරමින් අදාළ බස් රථ ක්‍රියාත්මක කරන බවද ඒ මහතා සඳහන් කළේය.
Saru News
















