පොලිස්පතිවරයාගේ ආරාධනයෙන් පොලිස් නිලධාරීන්ට දේශනයක් පැවැත්වීමට ශ්‍රී ලංකාවට පැමිණ සිටියදී අනවසරයෙන් ජීව උණ්ඩ 17ක් සන්තකයේ තබා ගැනීමේ චෝදනාව යටතේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කළ ඇමරිකානු රාජ්‍යයේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියකු රුපියල් ලක්‍ෂ පහක ශරීර ඇපයක් මත මුදාහැරීමට කොටුව මසේත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා ඊයේ (17දා) නියෝග කළේය.
සැකකාර ඇමරිකානු පොලිස් නිලධාරියාගේ ඇඟිලි සලකුණු ලබාගෙන වාර්තාවක් කැඳවන ලෙසටත් මහෙස්ත්‍රාත්වරයා වැඩිදුරටත් නියෝග කළේය. මෙරටට පැමිණ ඇත්තේ පොලිස්පතිවරයාගේ ඇරයුමෙන් බවත් අත්වැරදීමකින් එකී ජීව උණ්ඩ සන්තකයේ තබාගෙන ඇති බවටත් සැකකාර නිලධාරියා ප්‍රකාශ ලබාදී ඇතැයි විමර්ශන නිලධාරීහු අධිකරණයට පෙන්වා දුන්හ.
සිදුවූ එම අත්වැරැද්ද සම්බන්ධයෙන් තම වරද පිළිගන්නා බව එම සැකකරු අධිකරණයට පැවැසූ අතර එකී කරුණු මෙන්ම දෙරට අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික සබඳතා කෙරෙහි ද අවධානය යොමු කළ මහෙස්ත්‍රාත්වරයා එම ඇප නියෝගය කළේය. පෙර වැරදි ලැබෙන තෙක් එම සැකකරුට විදේශ ගතවීම වළක්වන නියෝගයක් ද මහෙස්ත්‍රාත්වරයා නිකුත් කළේය.
ඒ. ජේ. ඒ. අබේනායක
Saru FM Media