ලොකු පැටීගේ සොහොයුරු පොඩි පැටී ඉලක්ක කර වෙඩි තැබීමක්

0
4

සංවිධානාත්මක අපරාධකරුවෙකු වූ ලොකු පැටී නැමැත්තාගේ සහෝදරයා වූ පොඩි පැටී නැමැත්තා ඉලක්ක කර අහුංගල්ල ප්‍රදේශයේදී වෙඩි තැබීමක් සිදුව තිබේ.

ඊයේ (16) රාත්‍රී 11.30 පමණ මෙම වෙඩි තැබීම සිදුව ඇති බව පොලීසිය සඳහන් කළේය.

පොඩි පැටී නැමැත්තා ත්‍රීරෝද රථයකින් ගමන් ගනිමින් සිටියදී නාඳුනන පිරිසක් විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇත.

ඔහු ඊයේ රාත්‍රියේ පැවැති උත්සවයකට සහභාගී වී එමින් අතරතුර මෙම වෙඩි තැබීම සිදුකර ඇති අතර වෙඩි ප්‍රහාරයෙන් ඔහුට හානියක් සිදුව නොමැති බවත් සඳහන් වේ.

සිද්ධිය සම්බන්ධව වැඩිදුර විමර්ශන පොලීසිය විසින් ආරම්භ කර ඇත.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here