රෂිකා හෙන්නායක
වරකාපොළ, උඩුවක ඇත්නාවල ප්‍රදේශයේදී , නීති විරෝධී මත්පැන්, ගෝඩා සහ විදෙස් රටක නිෂ්පාදිත ගිනි අවියක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ.
ඒ, ලද තොරතුරක් මත කෑගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරින් පිරිසක් විසින් සිදු කළ වැටලීමකදී බව පැවසේ.
පොලීසිය පැවසුවේ ,එම වැටලීමේදී නීති විරෝධී මත්පැන් ලීටර් 99ක් මත්පැන් පෙරීමට යොදාගන්නා ගෝඩා ලීටර් 1,820ක් සොයා ගත් බවයි .
අත්අඩංගුවට ගෙන ඇත්තේ 36 හැවිරිදි අල්ගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර, සිද්ධිය සම්බන්ධයෙන් වරකාපොළ පොලීසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරනු ලබයි.
Saru FM Media