දේවාගේ පූසා මල්ලෙන් එළියට පැනීම

0
4

නිශ්මං රණසිංහ

ඔලිම්පික් නිලවරණය සම්බන්ධයෙන් සිඳු විය හැකි දේ කුමක්ද යන්න පිළිබඳව අපි මීට පෙර ද පෙන්වා දෙන්නෙමු.ඊට හොඳම උදාහරණයක් පෙන්වා දෙමින් සභාපති අපේක්ෂකයන් දෙදෙනෙක්ගේ මාධ්‍ය හමු ගැන දන්වා එක සභාපති අපේක්ෂකයෙකු මාධ්‍ය හමුවක් කැඳවා ඇත.මාධ්‍ය මිතුරෙකුගෙන් එය මට ද ලැබිණ.
ආරාධනය කරන අපේක්ෂකයා දේවා හෙන්රි ය.බොහෝ කාලයක් ඔලිම්පික් කමිටුවයම වයස ගිය දේවා හෙන්රි මෙවර සභාපති අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්ව සිටින අතර ඔහු ඔහු මුහුණ දෙන මාධ්‍ය හමුවකට සහ අසංග සෙනවිරත්න මුහුණ දෙන මාධ්‍ය හමුවකට සහභාගි වන්නේය.

අසංග සම්බන්ධයෙන් ප්‍රසිද්ධම කාරණය වන්නේ ලංකාවේ දේශපාලනඥයන් අතරින් ඔහු සමීපවම ඇසුරු කළේ මහින්ද රාජපක්ෂ බවය.මහින්දලාගේ නම් ගෑවෙන සැක සහිත තැන්වල ඔහුගේ නම ද කොණක හෝ දකින්නට තිබීම අසාමාන්‍ය තත්ත්වයක් නොවේය.ක්‍රීඩා අමාත්‍යවරයා ඇමති පදවිය භාරගෙන දියගම ක්‍රීඩා සංකීරණය නිරීක්ෂණය කරමින් එහි සිඳු වී ඇති වංචාවන් විනාශයන් ගැන වහාම පරීක්ෂණ කරන බව කීවේය.ඊට වගකීමට බැදී ඇති බව කියමින් බෙදා දුන් තොරතුරුවලට අමතරව ලියවිල්ලක් ද මාධ්‍යයට බෙදා දුන්නේය.එහිද අසංගගේ නම තිබිණ.

මේ රටේ පුරවැසියන්ට මතකනම් බේබිලාගේ ක්‍රීඩාව නිසා වැදුණු දඩය පවුම් 50000 ක ලෝක දඩය ගැන ද ක්‍රීඩා ඇමතිවරයා පාර්ලිමේන්තුවේදී නාමල්ට සවුත්තුව දැම්මේය.එහෙත් නාමල් එවකට ක්‍රීඩකයෙක්ය.මහින්දගේ පුතාලට ඕනි විදිහට වැඩේ කරන්න ඇති කියා කියන්න හැකි නමුත් එම 50000 ගෙවීමට සිදුවීමට අදාළ ක්‍රියාවලියේ නායකයා වන්නේ එවකට රග්බි සභාපති අසංග සෙනවිරත්නය.අසංග එම දඩය ලංකාවට ජාත්‍යන්තරයෙන් ලැබෙන මුදලින් වාරික ලෙස අය කර ගන්නට කටයුතු සැළසුම් කළ අතර ඒවායේ හුවාමරු වූ විද්‍යුත් ලිපි වත්මන් ක්‍රීඩා ජාතික සභාවේ සභාපති ප්‍රියන්ත ඒකනායකගේ නමට ද පැමිණ ඇත.

රාජපක්ෂ සමයේ සිඳු වූ එම වරදත් මිලියන 35 ක මුදලක් ශ්‍රී ලංකා රගර් ආශ්‍රීතව වියදම් වූ ආකාරය නොපෙන්වීම ගැනත් චෝදනා වන්නේය.මේ කිසිවක් විභාගයට තවමත් ගැනී නැත.එහෙත් ඒවා ක්‍රීඩා අමාත්‍යවරයාගේ සිට අමාත්‍යංශයේ සහ දෙපාර්තමේන්තු නිලධාරීන් ද දන්නා ඒවාය.එහෙත් ක්‍රීඩා අමාත්‍යවරයා නාමල්වත් නොකළ විදිහට අසංගව ප්‍රවර්ධනය කරමින් සිටින අතර ක්‍රිඩා අමාත්‍යංශය හෝ ඔලිම්පික් කමිටුව එව වරදවල් පරික්ෂා කර බලා නිලවරණයට එන්නැයි කියන්නේ නැත.

වසර ගණනක් තිස්සේ වරදක් බව ඔප්පු වී දඩ ගසා ඇති,එම වරදට පදනම් වූ කාරණා සමඟ ආගමන සහ විගමන නීතිය වගේම ව්‍යාජ ලේඛණ සකස් කිරීමේ වරදට අපරාධ නීතිය හමුවේද දඬුවම් පැමිණීම කරනු වෙනුවට රටේ ඔලිම්පික් මහ පුටුවට ඒම සඳහා අවශ්‍යය පරිසරය සකස් කරන හැටි රටේ ක්‍රීඩාවේ අවසන් හෝරාව උදාවෙමින් තිබෙන බව කියන්නට හොඳම උදාහරණයක්ය.ආචාර ධාර්මික කමිටු පත් කරමින් හිටපු සාමාජිකයන්ව තහනම් කරන්නට දඩුවම් කරන්නට හවුල් වූ දේවා හෙන්රිලා ලංකාවේ ක්‍රීඩාවක වරදකට අය කරන ලද ඉහළම දඩ මුදල ගෙවන්න වූ පුද්ගලයාගේ නායකත්වය අගය කරමින් ඔහු වෙනුවෙන් නිලවරණයට අදාළ මාධ්‍ය හමුවට ආරාධනා කිරීමම හිරිකිත වැඩකි.

එයින් පෙනෙන්නේ සුරේෂ් සුබ්‍රමනියම් මුමුණන පරමාදර්ශ යහපාලනය වෙනුවට තමන්ට හිතෛෂී නොවන පුද්ගලයන් දඩයම් කිරීමට ආචාර ධාර්මික කමිටුව යොදා ගන්නා බවට සැක සිතෙන කතාවක්ය.ඒ ඇත්තම කතාවනම් ඔලිම්පික් කමිටුවේ ආචාර ධාර්මික කමිටු දඩුවම්වලට එකඟ වෙමින් දේවා හෙන්රිට අසංග වෙනුවෙන් පෙනී සිටින්නට නොහැකිය.මෙසේ වැඩ කිරීම ගැන දේවාට රෙදි නැහැ කියා කියන්නට නොහැකිය.මන්ද ප්‍රසිද්ධම කාරණය දේවා සරම අදින්න දන්නෙ නැතිකමය.ඒත් මේ කරන වැඩ ඔහු වසර ගණනක් කළ හැකි දේ සිතා ගන්නට තරම් වන නිරුවත්වීමක්ය.ලැජ්ජා නැතිකමක්ය.එක අතකට රාජපක්ෂලා උදේ සිට පට්ට ගැසීමට තවමත් කරුණු සොයමින් සිටින බව පෙන්නුවද ජාත්‍යන්තරය දඩ ගැසීමට හේතුවන වරදක් කර ඒ වරද සිඳුවීම නිසා දඩත් ගෙවා ඇති වරදකට සම්බන්ධ,ඇමතිද රාජපක්ෂ හිතවතෙකු ලෙස සමාජ ගත කළ අයෙකුට ඇමති ද මරු කියන තැනට එනවානම් මේකත් ඉතිං මරු ආණ්ඩුවක්ය.

දේවා කරන වැඩක් ලෙස දේවාගේ වැඩවලට දෙයියෝ සාක්කි කියා කම්පා වන්නේ නැත.දේවා දෙවියෙක් නොවේය.ඔහු වැටෙන්නේ දෙයියන්ට බැල කරන පරවේණි දාස ගණයටය.එසේ වුණාම ලැජ්ජාව නැතුව ඕනිම දෙයක් කරන්නට පසුබාන්නේ නැත. ලැජ්ජාව සහ නින්දාව ගැන අබැටක තරම් නොසිතා වැඩ කරන්න හැකිය. දේවා මේ කරමින් ඉන්නෙ එයය.කමිටුව ඇතුළේ ආචාර ධාර්මික කමිටුව ගන්නා තීරණවලට අත උස්සන අතරේ රටට ජාත්‍යන්තර වශයෙන් අපවාදයක් අපහාසයක් එක් කළ පුද්ගලයෙකු මුල් පුටුවට ගෙන එන්නැයි මාධ්‍ය හමු පවත්වන්නටත් දේවාලට පුළුවන් වීම අතිරේකවත් ලැජ්ජාව නැති වැඩක්ය.

බළලා මල්ලෙන් එළියට පැනීම හොරෙන් හෝ නොදැන වන්නේ නැත.එය වන්නේ ලැජ්ජාව සහ නින්දවේ කටවල් ඇරීම ගැන වගේ වගක් නැති තරමට මිනිසුන් ලෙස පිරිහී සිටින නිසාය.

The post දේවාගේ පූසා මල්ලෙන් එළියට පැනීම appeared first on LNW Sinhala.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here