ලංගම බස් ගාස්තු සඳහා ගෙවීම් සිදුකිරීම ඉදිරියේදී කාඩ් පත් මගින් පමණක් සිදුකිරීමට අවශ්‍ය සියලු කටයුතු සූදානම් කර ඇති බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති සජීව කනකරත්න මහතා පවසයි.
ඔහු පැවසුවේ ඉදිරි මාස කිහිපය අතුලත මෙය ලංගම සේවය සඳහා ක්‍රියාත්මක කරන බවය.
අද (16) දිනයේදී මාතර සිට කොළඹ බලා ගමන්ගන්නා මගීන්ගේ ගමනාගමන පහසුකම් පිළිබඳව සොයා බැලීමට එක්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් කළ ප්‍රශ්න කිරීම් සඳහා පිලිතුරු ලබාදෙමින් ඒ මහතා මේ බව පැහැදිලි කළේය.
ලංගමය ඩිජිටල්කරණය වීම ඇතුළු පොදු ප්‍රවාහන සේවයේ වෙනස්වීම් ඉදිරි වසර 3 ඇතුලත දී ජනතාවට දැක ගැනීමට හැකිවන බවද ඒ මහතා වැඩිදුරටත් පවසයි.
Saru News















