මෙරට වයස්ගතම සත්වයාටත් අවුරුදු චාරිත්‍ර

0
11


අලුත් අවුරුදු චාරිත්‍ර අතර කරන හිස තෙල් ගෑමේ චාරිත්‍රය දෙහිවල ජාතික සත්වෝද්‍යානයේදී ද අද (16) සිදු කර තිබෙනවා.

ඒ අනුව නැකතට හිස තෙල් ගෑමේ චාරිත්‍රය සත්වෝද්‍යානයේ වාසය කරන කඩොල් ඇතාගෙන් ආරම්භ කෙරුණා.

මේ අතර දැනට ශ්‍රී ලංකාවේ වෙසෙන වයස්ගතම සත්වයා වන වයස අවුරුදු 153ක් වන යෝධ ඉබ්බාගේ හිස තෙල් ගෑමද සිදුකළා.

එමෙන්ම එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් දෙහිවල සත්වෝද්‍යානයට ලැබුණු දුඹුරු වලසාගේ හිස තෙල් ගෑම ද නැතකට සිදු කෙරුණා.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here