මෙවර අවුරුද්දේ හිස තෙල් ගෑමේ නැකත පෙරවරු 09යි 04ට

0
12


උදා වූ සිංහල – දෙමළ අලුත් අවුරුද්දේ හිසතෙල් ගෑමේ නැකැත අදට යෙදී තිබෙනවා. 

හිස තෙල් ගෑමේ නැකත උදා වන්නේ පූර්වභාග 09යි 04ටයි. 

කොළ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී උතුරු දිශාව බලා හිසට කොහොඹ පත් ද පයට කොළොන් පත්ද තබා කොහොඹ පත් යුෂ මිශ්‍ර නානු සහ තෙල් ගා ස්නානය කිරීම මැනවි යනුවෙනුයි නැකැත් පත්‍රයේ සඳහන් වන්නේ. 

සෑම සිංහල – දෙමළ අලුත් අවුරුද්දකම ප්‍රධාන චාරිත්‍රයක් වන හිසතෙල් ගෑම මෙතරම් වැදගත් වන්නේ ඇයි? 

මේ, ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය, ජනශ්‍රැතිවේදී මහින්ද කුමාර දලුපොත මහතා.

Neth Sound · DALUPATHA 04



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here