දක්ෂිණ අධිවේගී මාර්ගයේ දිගු වාහන පෝලිම් 

0
5

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගාල්ල පින්නදුව ප්‍රවේශයේ අද (15) දින දිගු පෝලිම් දැකගත හැකි විය. 

අද දෙරණ වාර්තාකරු සඳහන් කළේ, පිටවීමට සහ ඇතුලුවීමට වරින් වර ඉතා දිගු වාහන පෝලිම් තිබූ බවය. 

මේ අතර සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා ගිය මගී ජනතාවගේ අවශ්‍යතාවය අනුව අද (15) දිනයේ සිට බස් රථ ධාවනයට එක්කිරීමට කටයුතු කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කරයි. 

සියලුම පළාත් ප්‍රවාහන අධිකාරීවලට ඒ සඳහා අවශ්‍ය උපදෙස් ලබාදී ඇති බව එහි ධාවන අධ්‍යක්ෂ, ශෙරීන් අතුකෝරල මහත්මිය සඳහන් කළාය. 

එමෙන්ම අද (15) සාමාන්‍ය කාර්යාල දිනයක් වන බැවින් කාර්යාල දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි සිදුකිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව සැලැසුම් කර ඇත. 

එම දෙපාර්තමේන්තුවේ ගමනාගමන අධිකාරී අසංක සමරසිංහ මහතා සඳහන් කළේ, මගී අවශ්‍යතාව මත අදාළ දුම්රියන් ධාවනය සදහා එක්කරන බවය.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here