අයිස් මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙක් මට්ටක්කුලිය පොලිස් වසමේ ගැමුණුපුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත සිදුකල වැටලීමකදීයි.
ඔහු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 253 මිලිග්‍රෑම් 450ක් අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් භාරයට ගෙන තිබෙනවා.
සැකකරු වයස අවුරුදු 35ක් වන කොළඹ 15 ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
සිද්ධිය සම්බන්ධයෙන් මට්ටක්කුලිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
Saru FM Media