ගම්පහ නගරයේත් වෙඩිතැබීමක් !

0
15


සටහන – රුවන් නෙළුගොල්ල

ගම්පහ නගරයේ මාර්ග අංක 200 පොදු බස්නැවතුම්පොල අසලදී ඊයේ (අප්‍රේල් 15) රාත්‍රියේ වෙඩිතැබීමක් සිදුව තිබේ.

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් එම ස්ථානයේ ධාවනය වෙමින් පැවති කුඩා ලොරි රථයකට වෙඩිතබා පළාගොස් ඇති බවයි පොලීසිය පවසන්නේ.

වෙඩිතැබීම සිදුවන අවස්ථාවේදී අදාළ කුඩා ලොරි රථයේ ගමන් කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු එම ලොරි රථයෙන් බැස අසල තිබූ වෙළඳසැලකට දිවගොස් ඇති අතර ඔවුන්ට වෙඩිතැබීමෙන් තුවාල සිදුව නොමැත.

වෙඩි වැදීමෙන් වාහනයට පමණක් අලාභ සිදුව ඇති බව සඳහන්.

මෙම වෙඩිතැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ගම්පහ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here