පිල්ලෙයාන් සමග කළ සාකච්ඡාව ගැන හෙට විශේෂ මාධ්‍ය හමුවක් – ගම්මන්පිළ

0
22


සිවනේසතුරෙයි චන්ද්‍රකාන්ත් හෙවත් පිල්ලෙයාන් සමග ඔහු වෙනුවෙන් පෙනී සිටින නීතිඥ උදය ගම්මන්පිළ මහතා සාකච්ඡා කර තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ දී පෙරේදා (13) පස්වරුවේ හිටපු අමාත්‍යවරයා පිල්ලෙයාන් සමග සාකච්ඡා කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ පිළිබඳ ව දසත ප්‍රවෘත්ති හිටපු අමාත්‍ය ගම්මන්පිළ මහතාගෙන් සිදු කළ විමසීමක දී ඔහු සඳහන් කර සිටියේ අදාළ සාකච්ඡාව පිළිබඳ ව වන විශේෂ මාධ්‍ය හමුවක් හෙට (16) දිනයේ දී පැවැත්වීමට නියමිත බවයි.

පසුගියදා පිල්ලෙයාන් ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් මඩකලපුවේ දී අත්අඩංගුවට ගනු ලැබුවා.

ඒ පෙර පැවති රජයන් තුළ දී නැගෙනහිර විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා අතුරුදන් කිරීම ඇතුළු පුද්ගලයින්ව පැහැර ගැනීමේ චෝදනා සම්බන්ධයෙන් සිදු කෙරෙමින් පවතින විමර්ශනවලට අදාළවයි.

කෙසේවෙතත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද පිල්ලෙයාන් සමග දූරකථනයෙන් සම්බන්ධ වීමට උත්සාහ කෙරුණ ද ඊට අවස්ථාවක් හිමිවූයේ නැහැ.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here