නදීක දයා බණ්ඩාර – මහනුවර
කොළඹ LNW: යුද ගිනි දැල් නිවී සමස්ථ ලෝකයටම සාමය උදාවීම නව අවුරුදු උදාවේ සිය අපේක්ෂාව යැයි මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම හිමියන් පවසති.
රටවල් කිහිපයක අර්බුදය ලෝක යුද්ධයක් බවට පත්වී ඇති අවස්ථාවක සියලු දෙනාගේ එකම අපේක්ෂාව වී ඇත්තේ සාමය සමගිය උදා කර ගැනීම යැයි ද උන්වහන්සේ සඳහන් කළහ.
නව අවුරුදු උදාව නිමිත්තෙන් සිය සුබ පැතුම් එක් කළ උන්වහන්සේ සිංහලයන්ගේ ප්‍රීතිමත්ම උත්සවය වන අලුත් අවුරුද්ද, මේ වර්ෂයේදී ද සැමරීමට අප සියල්ලන්ම පෙළ ගැසී සිටින නමුත් ලෝකයක් වශයෙන් අපට මේ අවස්ථාවේදී සතුටු වීමට හැකියාවක් නොමැති බව ද පැවසුවේය.
ඉවසීමක් නොමැතිවීම මගින් රටවල් කිහිපයක යුද්ධය ලෝක යුද්ධයක් බවට පත් විය හැකි බව කී අනුනායක හිමියන් ඒ නිසාම ඉන්ධන, ගෑස් ආදියෙහි හිඟයක් මතුවී ඇතැයි ද පැවසුවේය. එක් පාර්ශවයක් පීඩා විදින විට සතුටට පත්වීමේ සම්ප්‍රදායක් අපට නොමැති බැවින් ශ්‍රී ලාංකිකකයන් වශයෙන් අප සියල්ලන්ගේම ප්‍රාර්ථනාව වන්නේ ලෝක සාමය යැයි ද අනුනායක හිමියන් තව දුරටත් සඳහන් කළහ.

The post සමස්ථ ලෝකයටම සාමය සමගිය උදාවීම නව අවුරුදු උදාවේ අපේක්ෂාවයි – මල්වතු පාර්ශවයේ අනුනායක හිමි appeared first on LNW Sinhala.
Saru News













