යුද්ධයෙන් ඉරාන සිසුන් සහ ගුරුවරුන් 345දෙනෙකු ජීවිතක්ෂයට

0
4

අමෙරිකාව සහ ඊශ්‍රායලය සිය රටට එල්ල කළ ප්‍රහාරවලින් සිසුන් සහ ගුරුවරුන් 345දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ඉරාන අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

පසුගිය පෙබරවාරි 28 වනදා සිට ආරම්භ වු අමෙරිකානු සහ ඊශ්‍රායල ප්‍රහාරවලින් මෙම මරණ වාර්තා වන බව එම අමාත්‍යංශය පෙන්වා දී ඇත.

ඒ අනුව ප්‍රහාරවලින් සිසුන් 278දෙනෙකු මියගොස් ඇති බව සඳහන් වේ.

තවත් සිසුන් 196දෙනෙකු සහ අධ්‍යාපන කාර්යය මණ්ඩල සාමාජිකයින් 26දෙනෙකු ද ප්‍රහාරවලින් තුවාල ලබා තිබේ.

එමෙන්ම පාසල් 933ක්, සංස්කෘතික මධ්‍යස්ථාන 17ක් ක්‍රීඩා ශාලා 36ක් සහ ශිෂ්‍ය කඳවුරු 08ක් ප්‍රහාරවලින් විනාශයට පත්ව ඇති බව ද ඉරාන අධ්‍යාපන අමාත්‍යංශය සදහන් කළේය.

 

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here