සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් බන්ධනාගාර ගත රැඳවියන්ට විවෘත අමුත්තන් බැලීම සඳහා විශේෂ අවස්ථාවක් ලබාදීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
එහි මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ඒ.සී. ගජනායක මහතා සදහන් කළේ අද (13) සහ හෙට (14) යන දෙදින තුළ එම අවස්ථාව ලබාදී ඇති බවය.
ඒ අනුව බන්ධනාගාර දෙපාර්තමේන්තුව මගින් නිකුත් කර ඇති උපදෙස්වලට අනුකූලව සියලු බන්ධනාගාරවලට අදාළව මෙම විශේෂ අවස්ථාව ලබා දී තිබේ.
රැදවියන්ගේ ඥාතීන් විසින් රැගෙන එන ආහාර හෝ රස කැවිලි පාර්සලයක් සහ සනීපාරක්ෂක ද්‍රව්‍ය අඩංගු පාර්සලයක් එක් රැදවියෙකුට ප්‍රමානවත් පරිදි ලබාදීමට අවසර ලබා දී ඇති බව ද බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ඒ.සී. ගජනායක මහතා සදහන් කළේය.
Saru News












