ඊයේ (14) රාත්‍රීයේ මිහින්තලය පොලිස් වසමේ ඒ 09 මාර්ගයේ වැල්ලමොරාණ ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ගල්කුලම දෙස සිට මිහින්තලය දෙසට ධාවනය වූ කැබ් රථයක් මාර්ගයෙන් ඉවතට පැන බෝක්කුවක ගැටී මෙම අනතුර සිදු වුණා.
රියදුරුට රථය පාලනය කරගත නොහැකිවීම අනතුරට හේතුවයි.
අනතුරින් තුවාල ලැබූ කැබ් රථයේ රියදුරු හා තවත් පුද්ගලයෙකු ප්‍රතිකාර සඳහා මිහින්තලය රෝහලට ඇතුලත් කිරීමෙන් පසු රියදුරු මියගොස් ඇති අතර අනෙක් පුද්ගලයා අනුරාධපුර රෝහල වෙත මරුකර යවා ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබෙනවා.
මියගිය පුද්ගලයින් වයස අවුරුදු 25 සහ 37 වයස්වල පසුවන අනුරාධපුර සහ පළුගස්වැව ප්‍රදේශවල පදිංචිකරුවන් වෙනවා.
අනතුර සම්බන්ධයෙන් මිහින්තලය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
Saru FM Media