මෙරට ලියාපදිංචි කිරීමට නොහැකි රුපියල් කෝටි 02කට ආසන්න වටිනාකමකින් යුත් අධිබලැති යතුරුපැදි පහක් එකලස් කරමින් සිටි ගරාජ් හිමියෙකු අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලීසිය පවසයි.
එම ස්ථානයේ එකලස් කර තිබූ එක් යතුරුපැදියක් රුපියල් ලක්ෂ 65කට ආසන්න වටිනාකමින් යුත් එකක් බව පොලීසිය සඳහන් කරයි.
පිළියන්දල පොලීසියේ ස්ථානාධිපති චමින්ද කුලසිංහ මහතාට ලද තොරතුරකට අනුව ප්‍රජා පොලිස් ඒකකයේ නිලධාරීන් ඊයේ (12) සවස පිළියන්දල විකල්ප මාර්ගයේ ගරාජයක් වටලා මෙම අධිබලැති යතුරුපැදි සමඟ ගරාජ් හිමියා අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් ගරාජ් හිමියාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී පුද්ගලයන් සිව් දෙනෙකු මෙම යතුරුපැදි කොටස් තමන් වෙත ගෙනවිත් දුන් බවත් ඒවා එකලස් කිරීම පමණක් තමා සිදුකළ බවත් ප්‍රකාශ කර ඇත.
ඒ අනුව වැඩිදුර විමර්ශන සිදු කරන බව පිළියන්දල පොලීසිය පවසයි.
Saru News
















