සමාජ මාධ්‍ය තුළ සංසරණය වන හඬපටය පිලිබදව ලංකා ගල් අඟුරු සමාගමේ සභාපති ජයන්ත රත්නායක මහතා විසින් පැහැදිලි කිරීමක් සිදු කරමින් නිවේදනයක් නිකුත් කර ඇත.
එහි සදහන්ව ඇත්තේ, සමාජ මාධ්‍යවල සංසරණය වන 2026 මාර්තු 25 වන දින තමා සමග ලංකා ගල් අඟුරු සමාගමේ සාමානයාධිකාරී සහ ගල් අඟුරු සැපයුම්කාර සමාගමේ දේශීය නියෝජිතයාගේ නිලධාරියෙකු අතර සිදු වූ දුරකතන සංවාදයක විකෘති කරන ලද කොටසක් බවය.
එම නිවේදනය සම්පූර්ණයෙන්,
“සමාජ මාධ්‍යවල සංසරණය වන 2026 මාර්තු 25 වන දින මා සමඟ ලංකා ගල් අඟුරු සමාගමේ සාමාන්‍යාධිකාරී සහ ගල් අඟුරු සැපයුම්කාර සමාගමේ දේශීය නියෝජිතයාගේ නිලධාරියෙකු අතර වූ දුරකථන සංවාදයක් සම්බන්ධව ලංකා ගල් අඟුරු සමාගමේ සභාපතිවරයා ලෙස මා හදිසි ගල් අඟුරු සැපයීම සඳහා කැඳවන ලද ටෙන්ඩර් මණ්ඩලය හරහා නිසි සුදුසුකම් ලත් මෙන්ම ඒ වනවිටත් කැබිනට් අනුමැතියද සහිතව කොන්ත්‍රාත් ප්‍රධානයකර තිබූ සැපයුම්කාර සමාගමේ දේශීය නියෝජිතයා අමතා ඊට අදාළව බැංකුව විසින් නිකුත් කරන කාර්යය සාධන ඇපකරය එය අදාළ බැංකුව විසින් නිකුත් කරන ලද දිනය වන 2026 මාර්තු 25 දිනැතිව ලබා දෙන ලෙස කළ දැනුම් දීමක හඬ පටයක් විවිධ අර්ථ ගැන්වෙන අයුරින් විකෘති කොට විශේෂයෙන්ම සමාජ මාධ්‍ය ජාලා තුළ ප්‍රචාරය කරන බව වාර්තාවේ.
හදිසි ගල් අඟුරු සැපයුම හා අදාළ ටෙන්ඩර් පටිපාටිය හා අදාළ ප්‍රසම්පාදන ක්‍රමවේදය නියම ආකාරයෙන් අනුගමනය කර ඇති බවත්, එම ක්‍රියාවලිය සාර්ථකව ක්‍රියාත්මක වන බවත්, නොමඟ යවන සුලු ප්‍රචාරවලට නොරැවටෙන ලෙසත් කාරුණිකව ඉල්ලා සිටිමි.
ජයන්ත රත්නායක
සභාපති
ලංකා ගල් අඟුරු සමාගම”
1
Saru News
















