වසර කිහිපයක සිට පැවති ආරවුලක් මරණයකින් කෙළවර වෙයි

0
3

යාපනය, තොල්පුරම් ප්‍රදේශයේ තරුණියින් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඊයේ (13) රාත්‍රී 11ට පමණ වඩ්ඩුකෝට්ටේ පොලිස් බලප්‍රදේශයට අයත් තොල්පුරම් ප්‍රදේශයේදී මෙම සිදුවීම වාර්තා වී ඇත.

එකම ගම්මානයේ පදිංචි තරුණයින් දෙදෙනෙකු අතර වසර කිහිපයක සිට පැවති ආරවුලක් මෙම ගැටුමට හේතු වී ඇති බව සඳහන් වෙයි.

ඒ අනුව,ගැටුමට සම්බන්ධ එක් පිරිසක් ප්‍රදේශයේ දේවාලයක ඉදිකිරීම් කටයුතු සිදුකරමින් පවතින අතරතුර, තවත් තරුණයින් දෙදෙනෙකු සමඟ පැමිණි සැකකරු විසින් තියුණු ආයුධයකින් පහරදී ඇති බව වාර්තා වේ.

පහරදීමෙන් තුවාල ලැබූ 27 හැවිරිදි තරුණයා එම ස්ථානයේදීම මියගොස් ඇති අතර, තුවාල ලැබූ තවත් තරුණයින් දෙදෙනෙකු යාපනය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව සඳහන් වෙයි.

සිද්ධියට සම්බන්ධ එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර තවත් දෙදෙනෙකු පළා ගොස් ඇත.

මියගිය පුද්ගලයාගේ මෘත දේහය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා යාපනය ශික්ෂණ රෝහලේ තැන්පත් කර තිබේ.

වඩ්ඩුකෝට්ටේ පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරන අතර, අත්අඩංගුවට ගත් සැකකරු අද(13) මල්ලාකම් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here