ගල්අඟුරු වංචාවක් සම්බන්ධව මුජිබුර්ගෙන් CIDයට පැමිණිල්ලක්

0
3

සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා ඇතුළු එම පක්ෂයේ කිහිප දෙනෙකු අද (13) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

ගල්අඟුරු ටෙන්ඩරය ඉදිරිපත් කිරීමේදී සිදුව ඇතැයි කියන අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් විමර්ශනයක් කරන ලෙස ඉල්ලා මෙම පැමිණිල්ල සිදුකර තිබේ.

ඒ අදාළ ටෙන්ඩරය ලබා දීමේදී ජනාධිපතිවරයාට හිතවත් අයෙකුට ලබා දීමට ක්‍රියා කළ ආකාරය හඬපටයකින් හෙළිවී ඇති බව කියමින් මන්ත්‍රීවරයා ඇතුළු පිරිස මෙම පැමිණිල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කර ඇත.

“යම් හඬපටයක් නිකුත් වෙලා තිබෙනවා. ඒක ඇහුවාම අපිට තේරෙනවා එතනත් වංචාවක් සිද්ධ වෙලා තියෙනවා කියලා. ජනාධිපතිවරයාගේ ළඟම ඉන්න හිතවතෙක්ට මේ ටෙන්ඩරය ලබා දෙන්න ඕනේ, ලබා දිය යුතුයි කියන සාකච්ඡාවක් සම්බන්ධව මේ හඬපටය නිකුත් වෙලා තිබෙනවා. ඒ සම්බන්ධව තමයි අපි අද ආවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ල දාලා මේ ඕඩියෝ එක සම්බන්ධව යන මේ සාකච්ඡාව සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වන්න කියලා. මේ ඕඩියෝ එකේ යන සාකච්ඡාවෙදි ජනාධිපතිතුමාගේ නම එනවා ජනාධිපතිතුමාගේ ළඟම ඉන්න ව්‍යාපාරිකයින්ගේ නම් එනවා මේක තුළත් පැහැදිළිවම වංචාවක් සිද්ධ වෙලා තිබෙනවා.”

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here