ගම්බිම් බලා යන ජනතාවට අදත් මාකුඹුරෙන් බස්

0
4

අලුත් අවුරුද්දට ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් අද (13) දිනයේද මගීන් පැමිණෙන තෙක් ප්‍රවාහන පහසුකම් සැපයීමට සූදානම් බව මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ කළමණාකාර සහකාර  ඩී.එන් වෙත්තසිංහ මහතා පවසයි.

එමෙන්ම හෙට (14) දින අලුත් අවුරුද්දට බුලත් දීම සදහා දක්ෂිණ අධිවේගී මාර්ගය හරහා ගම්බද බලා යන ජනතාවට ප්‍රවාහන පහසුකම් සැපයීමට බස් බල ඇණියක් සූදානම් කර ඇති බවද ඒ මහතා පැවසීය.

“පසුගිය දින කිහිපයට වඩා අද දවස තුළ මගීන්ගේ දැඩි අඩුවක් අපට දක්නට තියෙනවා. මගීන් පැමිණූනොත් ඕනෑම අන්තයකට බස් යැවීමට සූදානමින් මාකුඹර බස් පර්යන්තයේ කාර්යය මණ්ඩලය සැදී පැහැදී ඉන්නවා. මගීන් සිටිනකන් බස් රථ යෙදවීමට බලාපොරොත්තු වෙනවා. බස් රථයකට දෙන්නෙක් තුන් දෙනෙක් මගීන් දාලා පිටත් කිරීමට හැකියාවක් නෑ. බස් රථයට වැඩි මගීන් සංඛ්‍යාවක් හිටියොත් අපිට පුළුවන් බස් රථයක් පිටත් කරන්න. මොකද ලංකාවේ දැන් ඇතිවෙලා තියෙන ඉන්ධන අර්බුදයක් එක්ක බස් රථයක් නිකන් යවනවා කියන එක ජාතික අපරාධයක් . ඒ නිසා බස් එකකට භාගෙකටවත් සෙනඟ ඉන්නවා නම් අපිට බස් එකක් යැවීමේ හැකියාවක් තියෙනවා”

“හෙට දිනයේදී සාමාන්‍ය පරිදි බස් රථ ධාවනය සූදානම්. උදේ වරුවේදී ගම්බිම් බලා බුලත් දෙන්න යන ජනතාව රැසක් මේ ස්ථානයට පැමිණෙයි කියලා බලාපොරොත්තුවෙන් අපි හෙට දිනයටත් සැලසුම් කරලා තියෙනවා. මගීන් පැමිණෙනවානම් අපි බස් සපයන්න සූදානම්”

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here