යාල වනෝද්‍යානයේ විශේෂ මෙහෙයුමක් – දෙදෙනෙකු අත්අඩංගුවට

0
3

යාල ජාතික වනෝද්‍යානයේ කලාප අංක දෙක ප්‍රදේශයේ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් සහ වනජීවී නිලධාරීන් එක්ව විශේෂ මෙහෙයුමක් සිදු කර තිබේ.

එහිදි වනෝද්‍යානයේ සිටින වනසතුන් ඝාතනය කර එම සතුන්ගේ මස් ලබා ගන්නා සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇත.

එම සැකකරුවන් සන්තකයේ තිබී ගෝන මස් කිලෝගෑම් අනූ දෙකක්, මෙරට නිෂ්පාදිත ගිනිඅවියක්, පා පැදි දෙකක් සහ තවත් උපකරණ රැසක් සොයාගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුන් කතරගම සහ හපුතලේ යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර සැකකරුවන් තිස්සමහාරාමය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බව සඳහන් වෙයි.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here