සිංහල හා දෙමළ අලුත් අවුුරුද්ද උදා වීමට තවත් ඇත්තේ තව දිනක් පමණි.
සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට ගමන් කිරීම අලුත් අවුරුදු උදාව ලෙස හැඳින්වේ.
පුරාණ සම්ප්‍රදායට අනුව අද (13) පරණ අවුරුදු දවසයි.
අතීතයේ සිටම ශ්‍රී ලාංකිකයෝ පරණ අවුරුද්දේ සිය නිවෙස් පිරිසිදු කිරීම් හා අලුත් අවුරුදු කැවිලි පෙවිලි ආදිය සකසා ගැනීම සිදුකළහ.
ඔවුන් මේ කටයුතු සියල්ල අවසන් කරන්නේ පුණ්‍ය කාලය ලැබීමට පෙරයි.
පරණ අවුරුද්ද සඳහා ස්නානය කිරීම අදට යෙදී ඇත.
දිවුල්පත් යුෂ මිශ්‍ර නානු ගා ස්නානය කොට ඉෂ්ට දේවතා අනුස්මරණය කිරීම සුදුසු බව, ජෝතිෂ්‍යයේ දැක්වේ.
Saru News
















