කැලණිය විශ්වවිද්‍යාලයේ 91/92 අධ්‍යයන වර්ෂවල සිසුන් වාර්ෂිකව සංවිධානය කරන ලද සුහද හමුවට ජනාධිපති අනුර කුමාර දිසානායක හා විදේශ ඇමැති විජිත හේරත් යන දෙදෙනම සහභාගිවී නැතැයි වාර්තා වේ.
මෙවර එම සුහද හමුව පැවැතියේ කුරුණෑගල මාවතගමය.
කෙසේවුවද, ගියවර ජනපතිවරයා මේ සුහද හමුවට සහභාගිවී තිබිණි.
පාර්ලිමේන්තු මන්ත්‍රි ගාමිණි රත්නායක පමණක් ඊට එක්ව සිටි බව පැවසේ.
ජනපති අනුර 91/92 වර්ෂයේ කැලණි සරසවියේ අධ්‍යාපනය ලද අයෙක් වන අතර ඔහු බලයට පත්වීමෙන් පසුව ජනාධිපති ලේකම්ගේ සිට ප්‍රධාන තනතුරු රැසක කැලණිය විශ්වවිද්‍යාලයේ සිටි ජනපතිගේ සමකාලීනයන්ට ලබාදීම පසුගිය කාලයේ වැඩිදෙනාගේ කතා බහට ලක්විය.
මූලාශ්‍රය – සතිඅග අරුණ
Saru News
















