කහ සහ ඉඟුරු වගාවන්ට විශේෂ රක්ෂණ යෝජනා ක්‍රමයක්

0
7

වාණිජමය වශයෙන් හා අපනයනය කිරීමේ අරමුණින් වගා කරනු ලබන කහ සහ ඉඟුරු වගාවන් සඳහා විශේෂ රක්ෂණ යෝජනා ක්‍රමයක් ආරම්භ කර ඇති බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි.
 
එහි සභාපති පේමසිරි ජාසිංආරච්චි මහතා පැවසුවේ ගොවියා තමන් විසින් සිදුකරනු ලබන “ඉඟුරු” වගාව සඳහා අක්කරයකට රුපියල් 200,000 ක් දක්වා රක්ෂණාවරණයක්  ලබාගැනීමට හැකියාව ඇති බවය.

ඒ සඳහා සියයට 7 ක් වැනි රක්ෂණ වාරිකයක් ගෙවීමෙන් ස්වාභාවික විපත්, රෝග, කෘමි හානි සහ  වන අලි හානි සඳහා රක්ෂණවරණය ලබාගැනීමට හැකියාව ඇති  බව සඳහන් වේ.

එමෙන්ම “කහ ” වගාවන් සුරක්ෂිත කර ගැනීම සඳහා අක්කරයකට උපරිමය රුපියල් ලක්ෂ 7 ක් දක්වා රක්ෂණවරණයක් ලබා ගැනීමට හැකියාව පවතී.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here