නිශ්මං රණසිංහ ,අප්‍රේල් 13, කොළඹ LNW:
ජාතික ඔලිම්පික් කමිටුවේ හිටපු නිලධාරියෙකු වන චන්දන ලියනගේට එරෙහිව එම ඔලිමිපික් කමිටුවේ ආචාර ධාර්මික කමිටුව මඟින් 2028 අප්‍රේල් දක්වා ශ්‍රී ලංකා ඔලිම්පික් ක්‍රීඩාවන් තුළ කිසිදු තනතුරකින් ක්‍රියා කිරීම තහනම් කර නිවේදනයක් නිකුතු කළ ඇත.මෙහි ඇති වැරදි සම්බන්ධයෙන් චන්දනට එරෙහිව ක්‍රියා මාර්ග ගැනීම සම්බන්ධයෙන් විරෝධයක් නැතත්,එය ක්‍රියාත්මක වූ මොහොත සම්බන්ධයෙන් ගැටළුවක් ඇත.
ජාතික ඔලිමිපික් කමිටුව පැවත් වූ මාධ්‍ය හමුවකදී මේ ලියුම්කරු ප්‍රශ්න ඇසීමෙන් මෙපිට සිට ශ්‍රී ලාංකේය පුරවැසියෙකු ලෙස මේ මොහොත ජාත්‍යන්තර වශයෙන් ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුවේ පැවත්මට වඩා වැදගත් බව තේරුම් ගනිමින් මතු කළ ප්‍රශ්නය වූයේ ජාතික ඔලිම්පික් කමිටුවේ උදහසට ලක් වී තිබෙන නිලධාරීන්ගේ ආචාර ධාර්මික කමිටුවේ නිර්දේශ ඉක්මණින් ලබා ගෙන ඒ සම්බන්ධයෙන් වැඩිදුර තීරණ ලබා ගැනීමට අවශ්‍යය කාලය නිලවරණයට පෙර ලබාගත යුතු බවය.එවිට ආචාර ධාර්මික කමිටුවය තෙරපුමක් ඇති කිරීම තමන්ගේ අපේක්ෂාව නොවන බව ඔලිම්පික් කමිටු සභාපති සුරේෂ් සුබ්‍රමනියම් පැවසූ අතර එහෙත් අපේ ඉල්ලීමට පදනම් වූ කාරණය වූයේ ගැටළුකාරී තත්ත්වයකදී රටේ ක්‍රීඩාවට එයින් වන හානිය වළක්වා ගැනීමය.
එහෙත් එය සිඳු නොවීය.නිලවරණය සඳහා නාම යෝජනා භාර දීමට දිනකට පෙර ඔවුන් එම නිර්දේශය ඉදිරිපත් කර චන්දනට වසර දෙකකට ගෙන ආ තහනම ශ්‍රී ලංකාවේ ක්‍රීඩාවේ අනාගතය සම්බන්ධයෙන් ගත් වැරදි තීරණයක් වීමට ඇති සුවිශාලය.මෙහිදී අපේ අදහස චන්දන ලියනගේ වැරදිද නිවැරදිද යන්න නොවේය.එම තීරණය දුන් දිනය නිලවරණයේදී චන්දනට ජාතික ඔලිම්පික් කමිටුවේ ඇති ඉතිහාසය සමඟ නිලවරණයේ දී බලපෑම් ඇති කළ හැකි මට්ටමේ චරිතයක්ය යන්නය.එය වැළක්වීම මේ තීරණය තුළින් මතුවන බවට යමෙකුට ඇති විය හැකි සැකය අසාධාරණයැයි කීමට නොහැකිය.
එසේම නිලවරණයට පෙර කාලයක් ඇති තත්ත්වයකදී රටේ වෙනත් නීතිමය ආයතන වෙත මේ පැන වූ තහනම සම්බන්ධයෙන් විරෝධතාවයක් ගොනු කිරීමට ඇති ඉඩ වැහී ඇත.අධිකරණ පද්ධතිය නිවාඩු යාම,නිලවරණයට පෙර දිනය වීම වැනි කාරණා දුර තියා සැළසුම් කරන ලද්දක් යැයි සිතුවහොත් එහි විශාල වරදක් දකින්නට නොහැකිය.මේ සැකයට ඉඩ සැකසෙන්නේම අප ජාතික ඔලිම්පික් කමිටුවට පෙන්වා දුන් පරිදි ආචාර ධාර්මික කමිටු වාර්තා නිලවරණයට පෙර කල් තියා ලබා ගැනීමේ වැදගත්කම නොසළකා හැරීම නිසාය.
ජාතික ඔලිම්පික් කමිටුව අවසාන භාගය වන විට යම් කිසි ආකාරයකට ඊ ළඟ තත්පරයේ බලය ගැන චිත්‍රයක් ඇඳගෙන කටයුතු කළේ ද යන්න සම්බන්ධයෙන් ගැටළුවක් මතු වන්නේය.එහිම කොටස් බෙදී නිලවරණයට ඉදිරිපත් වීම ඊට හේතුවක්ය.එය යම් බලපෑමකින් සිඳු විය හැකි දෙයකි.එසේම පරිපාලනය සම්බන්ධයෙන් යම් තොරතුරු ඉල්ලා සිටීම් පවා විනය විරෝධි ක්‍රියා සේ සළකා වැඩ කරන්නට,නිදහසට කරුණු ඉදිරිපත් කරන්නට වන අන්දමේ තැනකට තල්ලු කිරීම ඔලිම්පික් කමිටුවේ බලයට ඇතුළත් විමේ ක්‍රියාවලිය තුළ යම් පිරිසකට අවස්ථාව අහිමි කිරීමක් විය හැකි මට්ටමට සැකය වර්ධනය කරවන තත්ත්වයක් විය.
මේ සියල්ල ඇතුළත ආචාර ධාර්මික කමිටුව අත තිබුණ නූලට ගිණි තැබීම පරක්කු වීම ගින්න පත්තු කිරීමේ උවමනාවක් ලෙස දැනෙන්නට විය.එහෙත් සාමාන්‍ය තත්ත්වයට වඩා මේ ගිණි තැබීම ගැන කතාව වෙනස්ය.ගින්න පැතිරෙන්නට අළුවෙන්නට හැකි ඉඩ සකස්වන්නේ එතැන සිටය.එදා මාධ්‍ය හමුවේ විවිධ කාරණා මතුවෙද්දී ආචාර ධාර්මික කමිටුවේ තීරණ සහ එය හරහා චෝදනා එල්ල වී ඇති පුද්ගලයන් නිදොස් කළ යුතුය යන්න කියා නොසිටියත්,ඔවුන්ට පැනවෙන වාරණ සම්බන්ධයෙන් නිලවරණයට පෙර තව දුරටත් නිර්දෝශීභාවය සම්බන්ධයෙන් නීතිමය පාර්ශවයක් හරහා පරීක්ෂණයකට යොමු විමට කල් තිබිය යුතුය යන්න එහි පරමාර්ථය විය.
දැන් මේ සම්බන්ධයෙන් චන්දන මෙම තීරණයට එරෙහිව අධිකරණයට ගියහොත් විය හැක්කේ කුමක්ද යන්න අප විමසා බැලිය යුතුය.අධිකරණය චන්දනගේ විරෝධය පිළි නොගතහොත් ගැටළුවක් නැත.පිළිගැනීමට තීරණය කළොත් එයින් ඔලිම්පික් නිලනරණය කල් යාමට ඇති ඉඩ ලංකාවේ ඔලිම්පික් පරිපාලනයට පමණක් නොව ක්‍රීඩා පරිපාලනයට ද හොඳ නැත.සමහර විට චන්දනට අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වීමට ඇති ඉඩ මෙයින් වැසී ඇති බව නීතිමය තත්ත්වයන් තුළ දී පිළිගතහොත් නැවත නාමයෝජනා කැඳවීමට ඉඩ ඇත.
සුරේෂ් ප්‍රකාශ කළ පරිදි ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු නියෝජිතයෙකුට මෙරටට ඒමට හැකි දිනය නිලවරණය සඳහා යොදා ගත්තේනම් එම නිලවරණ දිනය අහෝසි විී යා හැකිය.එසේම පවතින තත්ත්වය තුළ නීතිය මඟින් වැරදි තීරණයක් හෝ සැක සහිත තීරණයක් ගෙන ඇතැයි කියන කාරණය පිළිගතහොත් එම තීන්දුවේ ස්වභාවය අනුව ජාතික ඔලිම්පික් කමිටුවට වාරණයක් පැනවෙන්නට ඉඩ ඇත.2028 ඔලිම්පික් පදක්කමක් ගැන බලාපොරොත්තු තබා ගන්නට හැකි තත්ත්වයක් පෙනි පෙනී නිලධාරීන් ලෙස මේ ආකාරයේ පටු අරමුණු මත තීරණවලට එළැඹෙන බවක් හැඟෙන්නට තිබීම කණගාටුදායකය.
අප සියල්ල සුබවාදීව විසදෙනු ඇතැයි සිතමු.එහෙත් මේ මොහොත මේ ආකාරයට උදාවීම අසුබවාදී ද විය හැකිය යන්න නොසළකා සිටිය නොහැකිය.එය මාධ්‍යයක් විදිහට සියලු වගකිවයුත්තන් ඉදිරියේ අප ඉල්ලා සිටියේ සැමට සාධාරණයක් සිඳුවන ලෙස ආචාර ධාර්මික කමිටුවෙන් එම තීරණය ඉක්මණින් ගන්නා ලෙසය.එය ආචාර ධාර්මික කමිටුවෙන් නිලවරණයට පෙරදා වන තුරු පමා කළේ නම් එය ද ආචාර ධාර්මික නැත.තමන් විසින් දඩුවම පමුණුවන්නාට ඔහුට නිවැරදිකරුවෙක් ලෙස කතා කරන්නට හැකි දොරටු වසා දමා ඒ දේ කිරිම ආචාර ධාර්මික නැත.
මේ රටේ ඔබ විසින් තිබෙන අන්තර්ජාල අවකාශයේ ක්‍රීඩාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට අප කීර්තියක් ඇති කළ,ජාත්‍යන්තර වශයෙන් අවසානයට ලක් වුණ දඩ ගෙවන්නට සිඳුවන ලොකුම වරද කුමක්ද කියා විමසා බලන්නෙකුට හමුවන්නේ ශ්‍රී ලංකා රගර් කණ්ඩායමට විදේශික ක්‍රීඩකයන් ක්‍රීඩා කරවීම නිසා දඩුවමක් ලෙස ජාත්‍යන්තර රගර් සම්මේලනයට ගෙවිමට වූ පවුම් 50000 ය.එම පුද්ගලයාටම රගර් ගිණුම භාවිතාව කිරිම සම්බන්ධයෙන් මිලියන 55 ක් ගැන ද චෝදනා ඇත.මේවා ගැන සොයා බලන ක්‍රියාත්මක විය යුතු ආයතනද අවුල්ය.ඒවා පොත්වල කොළවල ලියා ගත් පැමිණිළි හැටියට තිබෙනවා විනා ක්‍රීඩාවට සම්බන්ධ ජාතික ඔලිම්පික් කමිටුව ද,ක්‍රීඩා අමාත්‍යංශයද ඒවා දෙස බලන්නෙවත් නැත.
එවැනි තත්ත්වයන් සැළකිල්ලට නොගැනීම මෙන්ම චන්දනලා සම්බන්ධයෙන් හැසිරෙන ආකාරය ද ගත් විට යම් දෙයාකාර සැළකීමක් ගැන සැක කිරිම වැරදි නැත.කෙසේ හෝ ඉතාම නිශ්චිත මොහොතක චන්දන දමා වසා ඇති සිර කුටිය මනංකල්පිත එකක් වෙන්නට ද ඉඩ ඇත.සිර කිරීම අරමුණු ඉටු කරගැනීම පිණිස චන්දනව දැමූ කුටියේ සිව් අත ඇති විවර කළ හැකි දොරටුවලින් ඔහුට එළියට ඒමට හැකි තත්ත්වයක් දැකිය හැකිය.අප මේ තීරණය ප්‍රකාශයට පත්වෙන්නට තිබුණු මොහොතට පෙර සිටම කීවේ එම චෝදනාවන්ට ලක්වන පුද්ගලයාට ඇති අයිතිය ද අපහරණයට ලක් නොවන සාධනීය සහ සාධාරණ තීරණයක් ගැනීමට අවශ්‍යය කාලය සැළකිල්ලට ගන්නා ලෙසය.දැන් එය නොසළකා හැරිය නිසා, සියල්ල අවිනිශ්චිතය.ශ්‍රී ලංකාවට ජාතික ඔලිම්පික් කමිටුවක් නැතුව යම් කාලයක් ගෙවන්නට සිඳු වුවහොත් එයට මේ ආචාර ධාර්මික නොවන තීරණ ඉවහල් වූ බව අපේ අදහසය.


The post චන්දනට දැමූ බැරියර් එක ලංකාවේ ඔලිමිපික් පැත්තට හැරෙයිද? appeared first on LNW Sinhala.
Saru News
















