අධිකරණ පද්ධතියටම ප්‍රහාර – සජිත් පිලට මොකද වෙන්නේ? – Saru News | සිංහල

0
3

මෙරටට ගල් අඟුරු ආනයනය කිරීමේදී සිදු කරන ලද වංචා හා දූෂණ පිළිබඳව විමර්ශනය කිරීම සඳහා අධිකරණ විනිසුරුවරුන්ගෙන් සමන්විත පූර්ණ බලැති ජනාධිපති කොමිසමක් පත් කරන බව ආණ්ඩුව නිවේදනය කිරීමත් සමඟ සජිත් පිල අධිකරණ පද්ධතියට ම ප්‍රහාරයක් එල්ල කර ඇත.

සමගි ජන බලවේගයේ ආනන්ද පාලිත මාධ්‍ය හමුවක් පවත්වමින් එම ප්‍රහාරය එල්ල කර ඇත්තේ අධිකරණ විනිසුරුවරු “හොරාගේ අම්මා” යන අපහාසය සිදු කරමිනි. නීති විශාරදයින් පෙන්වා දී තිබෙන්නේ ජනාධිපති කොමිසමක සාමාජිකයින් පත් කර නොමැති තත්වයක් හමුවේ ශ්‍රේෂ්ඨාධිකරණය, අභියාචනාධිකරණය සහ මහාධිකරණය යන ඉහළම අධිකරණවල විනිසුරුවරුන් හට පොදුවේ අපහාස කර ඇති බවයි. මෙම අධිකරණවල සේවයේ යෙදී සිටින විනිසුරුවරුන්ගෙන් සමන්විත පූර්ණ බලැති ජනාධිපති කොමිෂන් සභාවක් නොදුරේම පත් කිරීමට සූදානම් වී සිටිය දී දැඩි ලෙස කලබල වූ සමගි ජන බලවේගය පිහිටුවීමට නියමිත කොමිසමකට එරෙහිව අපහාසාත්මක ප්‍රහාරයක් එල්ල කර තිබේ.

ආනන්ද පාලිත ප්‍රකාශ කර තිබෙන්නේ හොරාගේ අම්මාගෙන් පේන අහනවා යනුවෙනි. මෙහිදී බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි හොරා ලෙස නම් කරමින් අදාළ ඉහළම අධිකරණ තුනෙහි විනිසුරුවරුන් හොරාගේ අම්මා ලෙස නම් කර ඇති බවට නීති ප්‍රවීණයින් පෙන්වා දී ඇත. මේ සම්බන්ධයෙන් අධිකරණ සේවා කොමිෂන් සභාව මෙන් ම ශ්‍රී ලංකා නීතිඥ සංගමය ප්‍රමුඛ ආයතන ක්‍රියා කරන ආකාරය පිළිබඳව ද නිරීක්ෂකයින්ගේ අවධානය යොමු වී තිබේ.


1

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here