අමෙරිකා එක්සත් ජනපදය විසින් හෝමූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීමට පියවර ගෙන ඇති බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
ඔහු සිය Truth Social මාධ්‍ය ගිණුමෙහි සටහනක් තබමින් මේ බව ප්‍රකාශ කළේය.
ජනාධිපතිවරයා මෙම ප්‍රකාශ සිදු කර ඇත්තේ, මැදපෙරදිග යුද්ධය අවසන් කිරීමේ සඳහා පාකිස්තානයේ සාකච්ඡා තීරණයකින් තොරව අවසන් වූ පසුබිමකය.
“වහාම ක්‍රියාත්මක වන පරිදි, ලෝකයේ හොඳම එක්සත් ජනපද නාවික හමුදාව, හෝමූස් සමුද්‍ර සන්ධියට ඇතුළු වීමට හෝ පිටව යාමට උත්සාහ කරන ඕනෑම සහ සියලුම නැව් අවහිර කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කරනු ඇත.” යනුවෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් සිය සමාජ මාධ්‍ය ගිණුමෙහි සටනක් තැබීය.
Saru News













