‘රටම එකට’ ජාතික මෙහෙයුම යටතේ ගතවු දිනයේ සිදුකළ වැටලීම්වලින් පුද්ගලයින් 847 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.
එම වැටලීමේදී හෙරොයින්, අයිස්, ගංජා සහ හෂීෂ් ඇතුළු විවිධ වර්ගයේ මත්ද්‍රව්‍ය සොයා ගත් බව පොලීසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් තිදෙනෙකු සම්බන්ධයෙන් නීති විරෝධී වත්කම් විමර්ශන ආරම්භ කර ඇති අතර 02 දෙනෙකු පුනුරුත්තාපනය සදහා යොමු කර තිබේ.

මේ අතර, දිවයින පුරා ක්‍රියාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ විශේෂ මෙහෙයුම යටතේ ගතවු දිනයේ පුද්ගලයින් 637 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
එහිදි පුද්ගලයින් 25,308 දෙනෙකු පරීක්ෂාවට ලක් කළ බව පොලීසිය පවසයි.
එම මෙහෙයුමේදී බීමත් රියදුරන් 162 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර අපරික්ෂාකාරීව රිය ධාවනය සම්බන්ධයෙන් 71 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබේ.

Saru News
















