පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පලෙහි දේපල විනාශ කළ පුද්ගලයෙකු රක්ෂිත බන්ධනාගාරයට – Saru News | සිංහල

0
3

පසුගිය 08 වැනිදා නවීකරණය කර මහජන පරිහරණය සඳහා විවෘත කරන ලද පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොලේ දේපලවලට හානි කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 17 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ, අදාළ දේපළවලට හානි සිදුක කිරීම සම්බන්ධයෙන් මධ්‍යම බස් නැවතුම්පොලෙහි සුභ සාධක අංශය විසින් පිටකොටුව පොලිස් ස්ථානයට සිදුකර තිබූ පැමිණිල්ලක් මතය. 

අදාල විමර්ශන නිලධාරින් විසින් ඊයේ (11) එම අපරාධයට සම්බන්ධ සැකකරු සොරකම් කරන ලද දේපලවලින් කොටසක්ද සමග කැළණිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබිණි.

සැකකරු වයස අවුරුදු 33ක් වන කැළණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සිදුව ඇති හානිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාව මගින් තක්සේරු වාර්තාවක් සකස් කරමින් සිටින බවද වාර්ත වේ.


0

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here