නවීකරණය කළ පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළේ දේපළ හානි කළ පුද්ගලයෙක් අත්අඩංගුවට!

0
4

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW: නවීකරණය කරන ලද පිටකොටුව මධ්‍යම බස් නැවතුම් පොළෙහි දේපළවලට හානි කරන ලද සැකකරුවෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (11) දිනයේදී එම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති අතර සොරකම් කරන ලද දේපළ වලින් කොටසක්ද පොලිස් භාරයට ගෙන තිබේ.

අත්අඩංගුවට ගැනීම සිදුඅක්ර ඇත්තේ කැලණිය ප්‍රදේශයේදීය. සැකකරු 33 හැවිරිදි කැළණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව පොලීසිය පවසයි.

සිදුව ඇති හානිය පිළිබඳ ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් තක්සේරු වාර්තාවක් ඉදිරිපත් කිරීමට නියමිත අතර සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 17 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

The post නවීකරණය කළ පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළේ දේපළ හානි කළ පුද්ගලයෙක් අත්අඩංගුවට! appeared first on LNW Sinhala.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here