සාමුහික මෙහෙයුමකින් අභියෝග දෙකක් පරාජයට පත් කරයි – Saru News | සිංහල

0
4

දිට්වා සුළි කුණාටුව සහ ලෝකයම වෙලා ගත් යුද බිය යන අභියෝග දෙකම සාර්ථක ලෙසින් පරාජය කරමින් ශ්‍රී ලංකාවාසී ජනතාව මෙවර සිංහල හා හින්දු අලුත් අවුරුද්ද ඉහළින් ම සමරමින් සිටින බව වාර්තා වේ.

දිට්වා සුළි කුණාටුවෙන් විනාශයට පත් වූ වැව් අමුණු ප්‍රතිසංස්කරණය කර මාස් කන්නය සඳහා දියවර ලබා දීමට හැකි විය. මේ නිසා සාර්ථක වී අස්වැන්නක් ලැබෙමින් තිබෙන අතර, ජනතාව එම කුණාටුව පරාජයට පත් කර නැගී සිටියහ.

මේ අතර, ලෝකයම වෙළා ගත් යුද බිය හමුවේ ඉන්ධන කළමනාකරණය සහ විශේෂයෙන් ම අඩු ආදායම්ලාභී ජන ජීවිත බිඳ වැටීමට ඉඩ නොදී නිෂ්පාදන අංශ රැක ගැනීමට ද රජය විධිමත් පියවර අනුගමනය කළේය. මේ නිසා අවුරුදු සමයේ සීමාවකින් තොරව අවුරුදු සමයේ ඉන්ධන ලබා දීමට හැකි විය. පැමිණි අභියෝග දෙකම පරාජයට පත් කරමින් පසුගිය වසරටත් වඩා හොඳින් අවුරුදු සැමරීමට සමස්ත ජනතාවම පෙළ ගැසී සිටින බව මාධ්‍ය වාර්තා සියල්ලගෙන් ම තහවුරු වී ඇත.

1

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here