SecuraTec ට දුන් හෙලිකොප්ටර් අලුත්වැඩියා ටෙන්ඩරය ගැන අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

0
4

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් MI 17 වර්ගයේ  හෙලිකොප්ටර් හතරක් (SMH 599, SMH 596, SMH 588, SMH 4416) අලුත්වැඩියා කිරීමේ කටයුතු තාක්ෂණික හා නියාමන කොන්දේසි සපුරා නොමැති ජෝර්ජියාවේ සමාගමකට පිරිනැමීමේ සිද්ධියකට අදාළව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් ලැබී තිබේ.

අදාළ ටෙන්ඩරය පිරිනමා ඇත්තේ M/s Winsley Defence Group D.O.O., Mostar, Bosnia and Herzegovina යන සමාගමට වන අතර එහි එහි දේශීය නියෝජිතයා වන්නේ M/s Securatec Lanka (Pvt) Ltd ය.

ලංසුපත් කැඳවීමේදී කොන්දේසි හතරක් ඉදිරිපත් කර තිබූ අතර මෙම හෙලිකොප්ටර් අලුත්වැඩියා කිරීමේදී අදාළ රටෙහි ගුවන් සේවා ඒජන්සියේ නිල අනුමැතිය ලබා ගත යුතු බවට වූ කොන්දේසියක් ඇතුළත් කර තිබිණි. 

එහෙත් ටෙන්ඩර ප්‍රදානයේදී සමාගම විසින් ඉදිරිපත් කර තිබෙන්නේ විරෝධතාවක් නොමැති බවට සඳහන් ලිපියක් පමණක් බවද පැමිණිල්ල මගින් පෙන්වා දී ඇත. 

එම ලිපියට අනුව මෙම ගුවන් යානා ලියාපදිංචි කිරීම 2022 මැයි මස 10 වැනි දින සිට නතර කර ඇති බවද එරට ගුවන් සේවා ඒජන්සිය පෙන්වා දෙයි. දිට්වා සුළි කුණාටුව සමයේද ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී පෙන්වා දුන්නේ මෙම හෙලිකොප්ටර් කඩිනමින් අලුත්වැඩියා කළ යුතු බවයි. එහෙත් ටෙන්ඩරය ලබාගත් සමාගම ගුවන් හමුදාවෙන් ඉල්ලා ඇත්තේ හෙලිකොප්ටර් යානා මෙරටදී අලුත්වැඩියා කිරීමට ඉඩ ලබාදෙන ලෙස බවද පැමිණිල්ලේ දැක්වෙයි.

අදාළ කොන්දේසි පහත දැක්වේ.

මැද පෙරදිග කලාපයේ පවතින යුදමය තත්ත්වය හේතුවෙන් එම යානා ගෙන යාමට බාධා මතුවී තිබෙන බව ටෙන්ඩරය නිසි පරිදි ලබාදී ඇති බවත්, මේ සම්බන්ධයෙන් සතිඅන්ත පුවත්පතක් ආරක්ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් ෆ්‍රෑන්ක්ලින් ජෝශප් මහතාගෙන් කළ විමසීමකදී පවසා තිබේ.

සබැඳි පුවත්

SecuraTec ට දුන් හෙලිකොප්ටර් අලුත්වැඩියා ටෙන්ඩරේ වංගුවක්?

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here