මාතර සමූපකාර රෝහලේ බලය අල්ලන්න මාලිමාවුන් යකා නටයි. සේවකයින්ට සහ පොලීසියටත් පහරදීලා !

0
4

නිසි ඡන්ද විමසීමකින් තොරව මාතර සමූපකාර රෝහලේ බලය අත්පත් කරගැනීම සඳහා ජාතික ජන බලවේගයේ කණ්ඩායමක් උත්සාහ කිරීමත් සමග ඊයේ (11) පස්වරුවේ එහි උණුසුම් තත්වයක් හටගෙන තිබේ.

මෙම ජාජබ කණ්ඩායමේ උත්සාහයට එරෙහිව මාතර සමූපකාර රෝහලේ සේවක සේවිකාවන් වැඩවර්ජනයක නිරත වෙමින් උද්ඝෝෂණයක් ද සිදුකර තිබිණි.

මේ අතර ජාජබ කණ්ඩායම රෝහලට ඇතුළු වී ඇති අතර එහිදී එම රෝහලේ කාර්ය මණ්ඩලය සමග ගැටුමක් ඇතිකරගෙන පහරදීමක් ද සිදුකර ඇති බව සඳහන්.

එහිදී පහරකෑමට ලක්වු කාර්ය මණ්ඩල සාමාජිකයින් දෙදෙනෙකු වෛද්‍ය ප්‍රතිකාර සදහා මාතර මහ රෝහල වෙත ඇතුළත් කර ඇති බවත් වාර්තා විය.

එමෙන්ම වසා තබා ඇති මාතර සමුපකාර රෝහලේ සභාපතිවරයාගේ කාමරයට අදාළ කාර්යාලයේ ඉබි අගුළු කඩා විවෘත කිරීමට එම ආධාරකරුවන් පිරිස කිහිප විටක් උත්සාහ කර ඇත. පොලීසිය ඊට ඉඩ ලබා නොදීම හේතුවෙන් ජාජබ කණ්ඩායම පොලීසියටත් පහරදී ඇති බවත් ආරංචිමාර්ග පැවසීය.

මාතර සමුපකාර රෝහලේ පාලන බලය ඡන්දයකින් තොරව ලබා ගැනීමට ජාතික ජන බලවේගයේ කණ්ඩායම පසුගිය දෙවැනිදා සිට අවස්ථා කිහිපයකදීම උත්සාහ කර තිබිණි.

The post මාතර සමූපකාර රෝහලේ බලය අල්ලන්න මාලිමාවුන් යකා නටයි. සේවකයින්ට සහ පොලීසියටත් පහරදීලා ! appeared first on LNW Sinhala.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here