අලුත් අවුරුදු සමයේ සුපරික්ෂාකාරීව රිය ධාවනය කරන්න – ඇමති බිමල් රත්නායක – Saru News | සිංහල

0
5

අලුත් අවුරුදු උත්සව සමයේ අපරික්ෂාකාරී සහ බීමත්ව රිය ධාවනය කිරීම හේතුවෙන් සිදුවන මාර්ග අනතුරු හා මරණ සංඛ්‍යාව ඉහළ යාම පිළිබඳව ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන ඇමති බිමල් රත්නායක විශේෂ අවධානයක් යොමු කර තිබේ.

ඔහු සඳහන් කරන්නේ, උත්සව සමයේ ජනතාවගේ ගමනාගමන වැඩිවීමත් සමඟ රථවාහන තදබදය ඉහළ යාම සහ රියදුරන්ගේ නොසැලකිලිමත් හැසිරීම හේතුවෙන් අනතුරු සිදුවීමේ අවදානම තවදුරටත් වැඩිවන බවයි. විශේෂයෙන් බීමත්ව රිය ධාවනය කිරීම, වේග සීමා උල්ලංඝනය කිරීම සහ මාර්ග නීති නොසලකා හැරීම අනතුරු සඳහා ප්‍රධාන හේතු ලෙස පෙන්වා දී ඇත.

මේ පිළිබඳව ජනතාවට දැනුම්දීම සඳහා සහ මාර්ග ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින් පොලිසිය විසින් විශේෂ දුරකථන අංකයක් හඳුන්වා දීමටත් තීරණය කර තිබේ. එමඟින් හදිසි අනතුරු පිළිබඳ වාර්තා කිරීමටත්, මාර්ග නීති උල්ලංඝනය කරන රියදුරන් සහ අපරික්ෂාකාරී රිය ධාවනය සම්බන්ධ වීඩියෝ සාක්ෂි යොමු කිරීමටත් ජනතාවට අවස්ථාව සැලසේ.

ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන ඇමති බිමල් රත්නායක ජනතාවගෙන් ඉල්ලා සිටියේ, උත්සව සමයේ තමන්ගේත් අනෙක් පාර්ශ්වයේත් ජීවිත ආරක්ෂා කිරීම සඳහා වගකීම් සහිතව රිය ධාවනය කිරීමට කටයුතු කරන ලෙසයි. එමෙන්ම, මාර්ග නීති පිළිපදිමින් සහ බීමත්ව රිය ධාවනයෙන් වැළකී සිටීම මගින් අනතුරු අවම කළ හැකි බවද ඔහු අවධාරණය කළේය.


0

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here