අලුත් අවුරුද්ද උදාවෙයි : ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා !

0
24


සටහන – රුවන් නෙළුගොල්ල

2025 සිංහල – දෙමළ අලුත් අවුරුද්ද අද (අප්‍රේල් 14) පූර්වභාග 03.21 ට උදා විය.

මෙවර නැකැත් සීට්ටුව අනුව ආහාර පිසීමේ නැකැත අද පූර්වභාග 04.04 ට යෙදී තිබේ.

එහිදී තඹ වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා ලිප් බැඳ, ගිනි මොළවා කිරිබතක් හා කැවිලි වර්ගයක්ද දීකිරි සහ විලඳ ද පිළියෙල කරගැනීම මැනවි.

වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම සහ ආහාර අනුභව කිරීමේ නැකැත අද පූර්වභාග 06.44 ට යෙදී ඇති අතර එහිදී මුතු හා ස්වේත වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා සියලු වැඩ අල්ලා, ගනුදෙනු කොට ආහාර අනුභව කිරීම යහපත් බවයි නැකැත් සීට්ටුවේ සඳහන් වන්නේ.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here