උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

0
6

පළාත් කිහිපයක උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නික්තු කර තිබේ.

අද (11) දින ප.ව. 03.30 ට නිකුත් කරන ලද එම නිවේදනය හෙට (12) දිනය සඳහා වලංගු වන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

උතුරු, උතුරු – මැද, වයඹ, බස්නාහිර, සබරගමුව, දකුණු, නැගෙනහිර පළාත් සහ මොනරාගල දිස්ත්‍රික්කය සඳහා මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමක පැවැතිය හැකි බවය.

ඒ අනුව මේ සම්බන්ධව අවධානය යොමු කරමින් මිනිස් ශරීර සෞඛ්‍ය තත්ත්වයට විය හැකි බලපෑම අවම කර ගැනීමට කටයුතු කරන ලෙසත් එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ. 

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here