වසර 28ක් තිස්සේ එකම පුද්ගලයෙකු විසින් දේශපාලන බලය මත පවත්වාගෙන ගිය හඟුරන්කෙත නගරයේ පිහිටි තානායමක් වසා මුද්‍රා තැබීමට නුවරඑළිය සුරා බදු කාර්යාලයේ නිළධාරින් ඊයේ (10) දින පියවර ගෙන තිබේ.
එම තානායම නිසි නඩත්තුවකින් තොරව බදු මුදල් නොගෙවා දේශපාලන අධිකාරියේ සහයෝගය මත එම තානායම පවත්වාගෙන යන බවට ජාතික ජන බලවේගයේ නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් විජේරත්න විසින් පාර්ලිමේන්තුවේදි පසුගිය (09) දින හෙළි කර තිබිණි.
2
Saru News















