රථවාහන සඳහා ඉන්ධන නිකුත් කිරීම සඳහා හඳුන්වා දුන් QR ක්‍රමය අද (11) මධ්‍යම රාත්‍රියේ සිට ලබන 18 වනදා තෙක් පෙට්‍රල් සඳහා පමණක් තාවකාලිකව ඉවත් කළ බව ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ රාජකරුණා සඳහන් කරයි.
එහෙත් ඉන්ධන නිකුත් කිරීමේදී හඳුන්වා දුන් ඔත්තේ ඉරට්ටේ ක්‍රමය තවදුරටත් ක්‍රියාත්මක බවත් ඩීසල් ඇතුළු අනිකුත් ඉන්ධන සඳහා හඳුන්වා දුන් QR ක්‍රමය අද මධ්‍යම රාත්‍රියේ සිට ලබන 18 වනදා තෙක් කාලයේද එලෙසම නොවෙනස්ව ක්‍රියාත්මක කරන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.
0
Saru News















