ඇමති ජයකොඩිට ගහන්න ගිහින් කරගත්ත හරිය. 2009 සිට ගල් අඟුරු ගෙනා හැටි සොයන්න CID වෙත පැමිණිල්ලක්!

0
5

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:2009 වසරේ සිට මේ දක්වා ආනයනය කරන ලද සියලු ගල් අඟුරු නෞකා සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදු කරන ලෙස
ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත අද (11)පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

ජනාධිපතිවරයාගේ උපදෙස් මත එම පැමිණිල්ල සිදුකර ඇත.

ගල අඟුරුවල ප්‍රමිතිය සහ ඒ සම්බන්ධ වංචා දුෂණ සිදුව ඇති බවට පසුගිය දින වල දැඩි සංවාදයක් පැවති අතර ඊයේ දින වත්මන් බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතාට එරෙහිව විපක්ෂය විසින් ගෙන එන ලද විශ්වාසභංග යෝජනාවද විවාදයට ගැනුණි.

කෙසේවෙතත් එම විශ්වාසභංග යෝජනාව වැඩි ජන්ද 104කින් පරාජයට පත්විය.

මේ අතර ගල්අඟුරු ගැටලුව සම්බන්ධයෙන් විමර්ශනයට ජනාධිපතිවරයා විසින් ජනාධිපති විමර්ශන කොමිසම් සභාවක් පත් කිරීමට නියමිත බවද ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා ඊයේ (10) පාර්ලිමේන්තුවේදී පැවසුවේය.

The post ඇමති ජයකොඩිට ගහන්න ගිහින් කරගත්ත හරිය. 2009 සිට ගල් අඟුරු ගෙනා හැටි සොයන්න CID වෙත පැමිණිල්ලක්! appeared first on LNW Sinhala.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here