ආශිකා බ්‍රාහ්මණ
කොළඹ LNW:අලුත් අවුරුදු උත්සව සමය මුල්කරගනිමින් අද (11) මධ්‍යම රාත්‍රියේ සිට අප්‍රේල් 18 වැනිදා දක්වා පෙට්‍රල් වාහන සඳහා ඉන්ධන නිකුත්කිරීමේ දී ‘QR’ක්‍රමය සැලකිල්ලට නොගන්නා බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා පවසයි.
කෙසේ නමුත් ‘ඔත්තේ ඉරට්ටේ’ සැලකිල්ලට ගන්නා බවයි ඔහු සඳහන් කරන්නේ.
එමෙන්ම ඩීසල් වාහන සඳහා ‘QR’ක්‍රමය එළෙසින්ම ක්‍රියාත්මකයි.
මේ අතර පැමිණීමට නියමිත පිරිපහදු කළ තෙල් නැව් සංඛ්‍යාවත් සමඟ ජූනි මස අවසන්වන තෙක් පෙට්‍රල් 92 හා 95 හිඟයකින් තොරව ලබාදීමේ හැකියාව තිබෙන බවද සභාපතිවරයා පවසයි.
අප්‍රේල් මාසයේ පිරිපහදුකළ තෙල් නැව් 12ක් පැමිණීමට නියමිත බවයි ඔහු පවසන්නේ. මේ අතර තහවුරු කරගත් නෞකාව අනුව මැයි අවසන් වනතෙක් ඩීසල් ලබාදීමට හැකියාව ඇති බවද රාජකරුණා මහතා කියාසිටියි.
මේ අතර අප්‍රේල් 13වනදා විදුලිය සඳහා ෆර්නස් ඔයිල් (Furnace Oil) මෙ.ටො. 30,000ක් රැගත් නෞකාවක් පැමිණෙනන් අතර ඒ හේතුවෙන් විදුලි කප්පාදුවක් සිදුකිරීමේ අවශ්‍යතාවයක් නොමැති බවද ප්‍රකාශ කර තිබේ.

The post අලුත් අවුරුද්දට තෙල් ගහන්න QR ඉවතට! appeared first on LNW Sinhala.
Saru News















