ගිරාඳුරුකෝට්ටේ – දෙහිඅත්තකණ්ඩිය මාර්ගයේ ගිරාඳුරුකෝට්ටේ කෘෂිකර්ම පර්යේෂණ සංවර්ධන ආයතනය අසලදී ත්‍රීරෝද රථයක් සහ වෑන් රථයක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුව තිබේ.
මෙම අනතුරින් ත්‍රීරෝද රථය පැදවූ කාන්තාව බරපතළ තුවාල ලබා ඇති අතර ගිරාඳුරුකෝට්ටේ රෝහලට රැගෙන යමින් සිටියදී මිය ගොස් ඇති බව වාර්තා වේ.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 40ක් වන දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ පදිංචි කාන්තාවකි.
අනතුර සිදුවන අවස්ථාවේ වෑන් රථයේ හය දෙනෙකු සිට ඇති අතර ඔවුන් වවුනියාව සිට දියතලාව යුධහමුදා කදවුරේ පැවැත්වෙන විසිරයාමේ උත්සවයකට සහභාගී වීම සදහා යමින් සිට ඇත.
කෙසේවෙතත් අනතුරින් වෑන් රථයේ සිටි කිසිවෙකුටත් හානි සිදුව නොමැති අතර එහි රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් ගිරාඳුරුකෝට්ටේ පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරයි.
දින 04ක් තුළ මෙම ගිරාඳුරුකෝට්ටේ – දෙහිඅත්තකණ්ඩිය මාර්ගයේ දී රිය අනතුරු 04ක් සිදුව ඇති අතර ඉන් පස් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
Saru News
















