ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමට අදාළව කමිටුවක් පත් කර තිබෙනවා.
එම කමිටුවේ සභාපතිවරයා ලෙස ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න පත්කර ඇති බවයි අධිකරණ අමාත්‍යාංශය සඳහන් කළේ.
ඒ, අනුව මැයි මස මුල් කාලය තුළ මෙම කමිටුව විසින් මහජන අදහස් හා සිවිල් සංවිධානවල අදහස් ලබාගැනීමට නියමිතයි.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමට අදාළව මූලික සාකච්ඡාවක් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ, හර්ෂණ නානායක්කාරගේ ප්‍රධානත්වයෙන් පසුගිය 11 වනදා අධිකරණ අමාත්‍යංශයේදී පැවැත් වුණා.
අධිකරණ අමාත්‍යවරයා මෙම සාකච්ඡාවේ දී කියා සිටියේ දැනට පවතින ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම වත්මන් ආණ්ඩුවේ ප්‍රතිපත්තිය බවයි.
Saru FM Media